FAST NEWS

24×7 Around the Globe

‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටය මංගල දිනයේදී ඉහළම ආදායමක් උපයා ඉතිහාසයට..

අලී අබ්බාස් සෆර් අධ්‍යක්ෂණය කළ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටය පසුගිය දෙසැම්බර් 22 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය.

දින තුනක් ගෙවෙද්දී ලොවපුරා අති සාර්ථකව තිරගත වෙමින් මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි මුදලක් උපයා ගන්නට සමත් විය.

දෙසැම්බර් 22 වැනිදා ඉන්දියාවේදී පමණක් ඉන්දීය රුපියල් කෝටි 34.10ක් වන බවත් එය මේ වසරේ බොලිවුඩ් චිත්‍රපටයක් සිය මංගල දිනයේදී උපයාගත් ඉහළම ආදායම ලෙස සිනමා ඉතිහාසයට එක් වන බවත් සදහන්ය.