FAST NEWS

24×7 Around the Globe

සාරංග දිසාසේකරට තවත් සම්මානයක් ලැබිලලු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සරාංගගෙයි දිනක්ෂිගෙයි පුංචි දියණිය සාරන්‍යාව මාධ්‍යයට හඳුන්වා දීමත් එක්ක මේ අම්මයි තාත්තයි දැන් තමන්ගේ සිංගිත්තිය එක්ක කලින් ගත්ත ඡායාරූප රැසක් තම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පල කරන බව පෙනෙනවා.

ඒ අතර සාරංග තමන්ගේ චූටු දුවට හරියටම මාසයක් පිරුණු දවසේ පවුලේ අය එක්ක ගත්ත ඡායාරූප රූගත කිරීමේ ඡායාරූපයක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුනා.

ඒ තමන්ට ලැබුණු හොඳම සම්මානය තමන්ගේ පුංචි දියණිය බව පවසමින් දියණිය අතින් ගෙන ඉන්න ඡායාරූපයක්.

මීට වසර ගනනකට පෙර සාරංග තමන්ගේ කලා ජීවිතේ ලැබුණු හොඳම සම්මානය සාරංග බව පවසමින් සාරංගට සම්මාන රාත්‍රියකදී කෙනෙක් කිව්වා අපි හැමෝටම මතකයි. නමුත් සාරංග අදාළ පුද්ගලයාට දෙන්න ඕනේ හොඳම පිළිතුර වසර ගනනක් ඉකුත් වෙද්දි ලබාදීලා කියලයි අපිට නම් හිතෙන්නේ.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය.