නැවතත් හියූ ජැක්මන් සිනමාවට

නැවතත් හියූ ජැක්මන් සිනමාවට

(ෆාස්ට් නිව්ස් | ඔස්ට්‍රේලියාව) – 2017 වසරේ ප්‍රදර්ශනය වූ ‘ලෝගන්’ චිත්‍රපටය තුළ ‘වූල්වරින්ට’ පණ පෙවූ සුපිරි හොලිවුඩ් සිනමා නළු හියූ ජැක්මන් ඉන් පසුව එම චරිතයෙන් ඉවත් වුණ බවට තොරතුරු වාර්තා විය. ඒ එම චිත්‍රපටය තුළදී ‘වූල්වරින්’ චරිතය මියයාම හේතුවෙනි.

කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර ‘මාවල්’ චිත්‍රපට සමාගම ප්‍රසිද්ධ කරනු ලැබුවේ හියූ ජැක්මන් නැවතත් ‘වූල්වරින්’ ලෙස ‘මාවල්’ චිත්‍රපටයක දකින්නට ලැබෙන බවය. ඒ ලබන වසරේ නිකුත් වීමට නියමිත ‘ඩෙඩ්ෆුල්’ තුන්වැනි චිත්‍රපටය තුළිනි.