මේ වසරේ ධනුෂ්ගේ සිවුවැනි චිත්‍රපටයත් එළියට

මේ වසරේ ධනුෂ්ගේ සිවුවැනි චිත්‍රපටයත් එළියට

(ෆාස්ට් නිව්ස් |  චෙන්නායි) – හොලිවුඩ් මෙන්ම බොලිවුඩ් සිනමාව තුළද අතිශය ජනප්‍රිය දකුණු ඉන්දීය සුපිරි නළු ධනුෂ්ගේ අලුත්ම චිත්‍රපට මීට දින කිහිපයකට පෙර නිකුත් විය. එය ධනුෂ් මේ වසරේ සිය සිනමා ප්‍රේක්ෂකයින් මුණ ගැසුණ සිවුවැනි චිත්‍රපටය වීම විශේෂත්වයකි.

සෙල්වරාගවන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු Naane Varuvean ධනුෂ්ගේ අලුත්ම චිත්‍රපටය වන අතර, එහි ඔහු ද්ව්ත්ව චරිත නිරූපණය කිරිම විශේෂත්වයකි. මෙම චිත්‍රපටයට පෙර ධනුෂ්ගේ Thiruchitrambalam චිත්‍රපටය තිරගත වූ අතර, එය ඉන්දීය රුපියල් කෝටි 115ක ආදායමක් මේ වනවිට උපයා ගැනිමට සමත්ව තිබේ.