FAST NEWS

24×7 Around the Globe

සල්මාන්ගේ මස්සිනා බොලිවුඩ් සිනමාවට..

සල්මාන්ගේ නැඟණිය අර්පිතා ඛාන්ගේ සැමියා වූ ව්‍යාපාරික අයුෂ් ෂර්මා සල්මාන් ඛාන් නිෂ්පාදනය කරන ‘ලව්රාති’ චිත්‍රපටය තුළින් ලබන වසරේ බොලිවුඩ් සිනමාවට පිවිසීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

මෙය අයුෂ් රංගනයෙන් දායක වන පළමු කලා නිර්මාණය වන අතර, ඔහු මෙහි ගුජරාටි තරුණයෙකු ලෙස පෙනී සිටින බව සදහන්ය.

ඉන්දීය රුපියල් කෝටි 20කට වඩා වැඩි මුදලක් යොදා නිර්මාණය කරන්නට සල්මාන් ඛාන් අදහස් කරමින් සිටින අතර, ඔහු පවසන්නේ සිය නිෂ්පාදනයක් වූ ‘හීරෝ’ චිත්‍රපටය මෙන් මෙයද සාර්ථක එකක් වනු ඇති බවය.