FAST NEWS

24×7 Around the Globe

රිචාගේ උපන් දිනයට ලැබුන ජීවමාන තැග්ග..

මේ දිනවල අතිසාර්ථකව තිරගත වන ‘පක්රේ රිටන්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය සඳහා රංගනයෙන් දායක වන, රිචා චඩ්ඩාගේ පසුගිය දෙසැම්බර් 18 වැනිදා යෙදී තිබූ 31 වැනි උපන් දිනය වෙනුවෙන් රිචාගේ වර්තමාන පෙම්වතා වන අලී සෆර් ඇයට තැග්ගක් ලෙස ලබාදී ඇත්තේ සුදු පැහැති වටිනා බළල් පැටවෙකි.

එය තමාගේ උපන් දිනයට ලැබුණ අගනාම තැග්ග බව පවසන රිචා සිය ‘ටිවිටර්’ ගිණුමට මෙම බළල් පැටවාගේ ඡායාරූප කිහිපයක්ද එක්කොට තිබුණි.

වසර කිහිපයක් තිස්සේ පෙම්වතුන් ලෙස කටයුතු කරන රිචා හා අලි සෆර් දෙදෙනාගේ විවාහය නුදුරේම සිදුවෙන බවද සඳහන් වේ.