FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියා පුහුණුකරු ඩැරන් ලීමන් සමුගැනීමට තිරණය කරයි..

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩැරන් ලීමන් , 2019 වර්ෂයේ එංගලන්තයේදී පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරව සිය තනතුරින් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ.

2013 වර්ෂයේදි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණකාරීවයට පත් ලීමන් පසුගිය 2016 වර්ෂයේදී සිය කොන්ත්‍රාත් කාලය 2019 තෙක් දිර්ඝ කළේය.

කෙසේ වෙතත් 2019 පසු නැයත සිය ධුර කාලය දිගු කර ගැනීමට හෙතෙම කැමැත්ත පළ නොකර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

47 හැවිරිදි ලීමන්ගේ පුහුණුකාරීවය යටතේ 2013/2014 අළු බඳුන තරගායලිය 05 – 00 ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකි විය.

එසේම 2015 වර්ෂයේදි ඔස්ට්‍රේලියාව එක්දින පිටියේ ශුරයන් බවට පත්වුයේද ලීමන්ගේ පුහුණකාරීත්වය යටතයේ.

එසේම මෙ දිනවල පැවැත්වෙන අළු බඳුන තරගාවලිය දැනටමත් 03-00 ක් ලෙස ඔස්ට්‍රේලියාව සමත්ව සිටියි.

DE සිල්වා