(ෆාස්ට් නිව්ස් | මෙල්බෙර්න්) – පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගය ලකුණු 104 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් පමණක් දැවී ලකුණූ 205 රැස්කර ගැනීමට සමත් විය.
මෙවර තරගාවලියේ කණ්ඩායමක් විසින් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වේ.
දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් රිලී රොසෝව් ලකුණූ 109ක් වාර්තා කිරීමට සමත් විය.
රිලී එම ලකුණු සංඛ්‍යාව රැස් කළේ පන්දු 56කදීයි.
ඊට දැවැන්ත හයේ පහර 8ක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත් වේ.
මෙවර තරගාවලියේ පළමු ශතකයයි අද රිලී විසින් මෙලෙස වාර්තා කරනු ලැබුවේ.
රිලී අද මෙලෙස වාර්තා කළේ සිය පන්දුවාර 20 ක්‍රිකට් දිවියේ දෙවන ශතකයයි.
ක්වින්ටන් ඩි කොක් ලකුණු 63ක් රැස්කළේ පන්දු 38කදීයි.
ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 7්ක ද ඇතුළත් වේ.
පන්දු යැවීමේදී බංග්ලාදේශ පිල වෙනුවෙන් ශකීබ් අල් හසන් කඩුළු දෙකක් දවා ගැනීමට සමත් විය.
අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන් පන්දුවාර 16යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 101ක් පමණීයි.
බංග්ලාදේශ පිල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගත්තේ ලිටුන් ඩාස් පමණීයි.
ඒ ලකුණු 34යි.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ඇන්රිච් නොර්ට්ජේ කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
ටබ්රිස් ෂම්සි කඩුළු 3ක් දවා ගත්තේය.








