සිය කුළුඳුල් දරු උපතෙන් පසුව ක්‍රීඩාවට මද විරාමයක් ලබාදුන් සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ,ලබන සතියේදී අබුඩාබිහිදි ඇරඹෙන Mubadala ලෝක ටෙනිස් ශූරතාවලිය යළිත් පිටියට පිවිසීමට නියමිත බව වාර්තා වේ.
දෙසැම්බර් 30 දින ඇය, ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වලට අනුව අංක හතේ රැඳී සිටින ජෙලේනා ඔස්ටපෙන්කෝ ට එරෙහිව ප්‍රදර්ශන තරගයකට සහභාගී වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇලෙක්සිස් ඔලිම්පියා නම් දියණිය මෙලොවට බිහි කළ සෙරීනා, අවසන් වරට ක්‍රීඩා කරනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේදී පැවති ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියටය.
ඇය එම තරගාවලිය ජයගැනීමට සමත් විය.
DE සිල්වා








