FAST NEWS

24×7 Around the Globe

පාපන්දු ලෝක කුසලානය පළමුව ශ්‍රී ලංකාවට..

රුසියාවේදී ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ කුසලානය පළමු වරට දැක බලාගැනිමේ අවස්ථාව මෙරට ක්‍රීඩා ලෝලීන්ට ලබාදී තිබේ.

තරඟාවලියට පෙර රටවල් 54කට රැගෙන යන එම කුසලානය පළමු රට වශයෙන් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිතය.

ජනවාරි මස 23 වන දින එම කුසලානය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමෙන් පසු 24 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදර්ශනයට තැබෙනු ඇත.

මේ පිළිබඳ නිළ වශයෙන් දැනුම්වත් කිරිමේ සාකච්ඡාවක් ඊයේ (21) ජනාධිපති නිළ නිවසේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

DE සිල්වා