FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන පුහුණුකරු ලෙස තොරා ගත්තාට හතුරුසිංහගෙන් ප්‍රණාමය..

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තමා තෝරාගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන බවත්, රට වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදී ක්‍රිකට් පිල නැවත ජයග්‍රාහී මාවතට යොමු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස වැඩ බාර ගනිමින් චන්දික හතුරුසිංහ මහතා ඊයේ (20) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවෙදි ප්‍රකාශ කළේය.

“කණ්ඩායම නැවත හදලා ගන්න ටික කාලයක් යාවි. අභියෝග තියෙන්න පුළුවන්. ඒත් උපරිම අයුරින් දායකත්වය ලබා දීලා කණ්ඩායම ඉදිරියට ගෙන යාමයි එකම බලාපොරොත්තුව.” යැයිද හෙතම සඳහන් කළේය.

ජාතික ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ලෙස තමා හමුවේ ඇති පළමු අභියෝගය වන්නේ ලබන වසරේ ජනවාරි මාසයේ එළැඹෙන ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ සංචාරය බවද ඔහු සඳහන් කළේය.

“මේක හොඳ අවස්ථාවක්. බංග්ලාදේශ කණ්ඩායමේ හැකියාව මා හොඳින්ම දන්නවා. ඒ වගේම එයාලත් මා සිතන ආකාරය ගැන අවබෝධයෙන් ඉන්නේ. ඒ නිසා මේ සංචාරය අභියෝගාත්මක එකක් වේවි.”

DE සිල්වා