FAST NEWS

24×7 Around the Globe

හමුදා කඳවුරේ නත්තල් සැමැරුමකට මෙලානියා එක්වෙයි..

ට්‍රම්ප් බිරිය මෙලානියා වොෂින්ටන් අගනුවර ඇනාකොස්ටියා බෝලිං ඒකාබද්ධ හමුදා කඳවුරේ නත්තල් සැමැරුමකට එක් වූ බව විදෙස්මාධ්‍ය පවසයි.

එම අවස්ථාවේදී, හමුදා කඳවුරේ නිලධාරීන්ගේ දූ දරුවන් පිරිවරා ගනිමින්, මෙලානියා නත්තල් කාඩ්පත් සහ සරැසිලි නිර්මාණය කිරීමට එක් වූ බව සදහන් වෙයි.

නත්තල් සැමැරුම සංවිධානය කරනු ලැබ තිබුණේ කඳවුරේ ප්‍රධානීන් විසින් වන බවත් මෙලානියා අතින් පොඩිත්තන්ට නත්තල් තෑගි ලබා දීමක් සිදුව ඇති බවත් වාර්තා වෙයි.