සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැති අවසන් හා තුන්වන ටෙස්ට් ක්රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වීමත් සමඟ , තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය එකට බින්දුවක් ලෙස ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් විය.
පස්වැනි දිනය සඳහා දෙපාර්ශවයේම කැමැත්ත මත පැය භායකට පමණ පෙර තරගය අත්හිටුවන විට ලකුණු 410 ක ජයග්රාහී ඉලක්කයක් ශ්රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 299 ක් පමණි.
ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 536 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබු අතර ශ්රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 373 ලබා ගැනීමට සමත් විය.
ශ්රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ධනංජයද සිල්වා නොදැවී ලකුණු 119 ක් රැස් කිරීමට සමත් වූ අතර රොෂාන් සිල්වා නොදැවී ලකුණු 74 ක් ලබා ගැනීමට සමත් විය.
DE සිල්වා








