සත්කාරක ඉන්දීය කණ්ඩායම සමඟ නවදිල්ලියේ ෂෙරා කොට්ලා ක්රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්රීකට් තරගයේ දෙවැනි දිනය (03) අවසානයේ සිය පළමු ඉනීම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් දැවී ලකුණු 131 ක් රැස් කරගෙන සිටියේය.
එ අනුව ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුළු 07 ක් පමණක් දැවී ලබාගත් ලකුණු 536 ට වඩා ශ්රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 405 ක් පසු පසින් සිටියි.
දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමීන් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 57 හා නායක චන්දිමාල් ලකුණු 25 ක් රැස් කරගෙන සිටියේය.
තරගයේ තෙවැනි දිනය අද (04) යි.
ලකුණූ පුවරුව.
DE සිල්වා









