FAST NEWS

24×7 Around the Globe

‘පාට්නර්’ චිත්‍රපටයේ දෙවැනි කොටස නිර්මාණය කිරීමට යයි..

2007 වසරේ තිරගත වූ ඩේව්ඩ් ධාවන්ගේ ‘පාට්නර්’ චිත්‍රපටයේ දෙවැනි කොටස මේ වනවිට නිර්මාණය කරන්නට සූදානම් කර තිබෙන බව සඳහන් වේ.

‘පාට්නර්’ පළමු චිත්‍රපටයේ රඟපෑ සල්මාන් ඛාන් හා ගෝවින්දා සුපුරුදු පරිදි ‘පාට්නර්’ දෙවැනි චිත්‍රපටය සඳහා සම්බන්ධ කරගෙන තිබෙන බවත්, මෙවර ‘පාට්නර්’ දෙවැනි චිත්‍රපටය සල්මාන් සොහොයුරු සොහෙල් ඛාන් අධ්‍යක්ෂණය කරන්නට බලාපොරොත්තුවෙන් සිටින බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත්, දැනට මෙම චිත්‍රපටය සඳහා සල්මාන් හා ගෝවින්දා පමණක් තෝරා ගෙන තිබෙන බවත්, ඔවුන් සමගින් රංගනයෙන් දායක වන නිළියන් පිළිබඳව නිෂ්චිත වශයෙන් තොරතුරු මේ වනවිට ලබාදී නොමැති බව සඳහන් වේ.