FAST NEWS

24×7 Around the Globe

ආර්.කේ. නගර් ආසනයේ අතුරු මැතිවරණය සඳහා විශාල් ක්‍රිෂ්ණා තරග කරයි..

තමිල්නාඩුවේ හිටපු මහා ඇමතිණි ජයලලිතා ජයරාම් නියෝජනය කළ ආර්.කේ. නගර් ආසනය සඳහා එළැඹෙන දෙසැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතුරු මැතිවරණය සඳහා මෙවර එම ආසනයෙන් තරග කරනු ලබන්නේ දමිල සිනමා නළු විශාල් ක්‍රිෂ්ණා බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඔහු ඉදිරිපත් කළ නාමයෝජනවා මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප වූ බවත්, පසුව සිනමා ලෝලීන් හා ඡන්ද දායකයින්ගේ උණුසුම් කලහකාරී හැසිරිම් තත්ත්වයන් නිසාවෙන් පසුව විශාල් ඉදිරිපත් කළ නාම යෝජනාව පිළිගෙන ඇත.

2004 අග සිට මේ දක්වා දෙමළ හා තෙළෙගු චිත්‍රපට 38 ක පමණ රඟපා ඇති සිනමා නළු විශාල් 40 හැවිරිදි වියෙහි පසුවන්නෙක් වන අතර චිත්‍රපට රාශියක නිෂ්පාදකවරයා ලෙසද කටයුතු කරන ඔහු ඉන්දියාවේ දෙමළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමයේ වත්මන් සභාපතිද වෙයි.