FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වෝ පරදා නවසීලන්තය කඩුළු 05 ක ජයක් ලබයි..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය කඩුලු 05 කින් ජය ගැනමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (20) සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත අරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 248 ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 46 ක් අවසානයේ කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 249 ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය.

එ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව සිටියි.

DE සිල්වා