FAST NEWS

24×7 Around the Globe

‘ඔස්කා’ සම්මාන උළලේ අවසන් චිත්‍රපට පහ අතරින් ‘නිව්ට්‍රෝන්’ ඉවතට..

ලබන වසරේ පැවැත්වීමට නියමිත 90 වැනි ‘ඔස්කා’ සම්මාන උළලේ හොඳම විදෙස් චිත්‍රපට අතරට නිර්දේශ වූ අමිත් මසූර්කාර්ගේ ‘නිව්ට්‍රෝන්’ චිත්‍රපටය අවසන් චිත්‍රපට පහ අතරින් ඉවත් වී තිබේ.

මෙවර ‘ආසියානු’ සිනමා සම්මාන උළලේදී වසරේ හොඳම නළුවා ලෙස මෙම චිත්‍රපටයේ රඟපෑ රාජ්කුමාර් රාඕ සම්මාන දිනාගත් අතර, එම සම්මාන උළලේදී ආසියාවේ හොඳම චිත්‍රපට අතරටද එක් විය.

මීට පෙර ‘ඔස්කා’ සම්මාන උළලේදී හොඳම විදෙස් චිත්‍රපටය සඳහා පිරිනමන සම්මානය සඳහා අවසන් නිර්දේශයන් අතරට පැමිණ තිබුනේ අමිර් ඛාන් නිෂ්පාදනය ‘ලගාන්’ චිත්‍රපටය පමණි.