FAST NEWS

24×7 Around the Globe

සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’ නර්තන ප්‍රසංගයට විශාල ජනකායක්..

ලොවපුරා පවත්වන සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’ නර්තන ප්‍රසංගය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නගරයේදී පැවැත්වුණ අතර මෙම ප්‍රසංගය ඉන්දියාවේ පැවති පළමු අවස්ථාවේදීම එය නැරඹීමට විශාල ජනකායක් පැමිණ සිටි බව වාර්තා වෙයි.

සල්මාන් ඛාන් සමගින් මෙම ප්‍රසංගයට සොනක්ෂි සින්හා, ක්‍රිති ෂැනොන්, ඩේෂි ෂා, ප්‍රභු දේවා, කත්‍රිනා කයිෆ්, පොප් ගායකයෝ යෝ හනී සිං ඇතුළු පිරිසක් මෙම ප්‍රසංගය සඳහා දායක වී සිටි බව සදහන්ය.

දිල්ලියේ පැවති මෙම ප්‍රසංගයෙන් අනතුරුව යළිත් ‘ඩබාන්ග්’ ප්‍රසංගය දෙසැම්බර් 25 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පැවැත්වීමට නියමිතව ඇත.