FAST NEWS

24×7 Around the Globe

සෝනම් කපූර් බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් ප්‍රතික්ෂේප කරයි..

‘නිර්ජා’ හා ‘ප්‍රේම් රතන් දන් පායෝ’ චිත්‍රපට හරහා ලොවපුරා අතිශය ජනප්‍රිය වූ සෝනම් කපූර් පසුගියදා තමාට ලැබුණ බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් ප්‍රතික්ෂේප කළ පුවතක් බොලිවුඩයෙන් වාර්තා වේ.

සෝනම් මෙසේ තමාට ලැබුණ චිත්‍රපට ප්‍රතික්ෂේප කොට ඇත්තේ සිය රංගනය වෙනුවෙන් තමාට ලැබෙන මුදල අඩු වීමෙන් බව සඳහන් වේ.

මේ වනවිට බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට ඉන්දීය රුපියල් කෝටි 4ක් අය කරන සෝනම් ‘නිර්ජා’ හා ‘ප්‍රේම් රතන් දන් පායෝ’ චිත්‍රපට අති සාර්ථක වීම නිසාවෙන් තමාගේ අය කිරිම් ඉහල දමාගත් බවද වාර්තා වේ.