FAST NEWS

24×7 Around the Globe

දෙවැනි තරගයෙන් ඉන්දීයාව ලකුණු 141 ක ජයක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මොහාලිහිදි පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමටත් ඉන්දියාව සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 4 ක් පමණක් දැවී සිය පන්දුවාර 50 අවසානයේ ලකුණු 392ක් රැස්කළේය.

මෙහිදි ඉන්දීය නායක රෝහිත් ශර්මා ද්විත්ව ශතකයක් (208*) වාර්තා කිරීමට සමත් වු අතර, එය ඔහුගේ තෙවැනි ද්විත්ව ශතකය විය.

එසේම ලෝකයේ එවැනි දක්ෂතාවක් දැක්වූ එකම ක්‍රීඩකයාද බවටද රෝහිත් ශර්මා වාර්තා පොත් අතරට එක් විය.

එ අනුව ලකුණ 393ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 තුළදී කඩුලු 08 ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 251ක් පමණි.

එහිදි ශ්‍රී ලංකා ඉනීම වෙනුවෙන් හුදකලා සටනක නිරත වු ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 111ක් රැස්කිරීමට සමත් විය.

DE සිල්වා