FAST NEWS

24×7 Around the Globe

අනුෂ්කා – කෝලි විවාහයට ඉන්දීය අගමැතිටත් ආරාධනා..

බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මා හා වර්තමාන ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිගේ විවාහය මේ දිනවල ඉතාලියේ මිලානෝ නගරයේ පැවැත්වීමට සූදානම් කර තිබේ.

මෙම විවාහය ඉතා රහසිතගතව පැවැත්වීමට අනුෂ්කාගේ මෙන්ම විරාත්ගේ පවුල්වල සාමාජිකයන් තිරණය කර තිබෙන අතර, සමිපතමයක් කිහිප දෙනෙකුට පමණක් ඒ සඳහා ඇරයුම් කර තිබෙන බව සඳහන් වේ.

විරාත්ගේ පාර්ශවයෙන් සචින් තෙන්ඩුර්කාර්, මහේන්ද්‍ර සිං දෝනි හා රවී ශාස්ත්‍රි මෙම විවාහයට පැමිණෙන අතර, අනුෂ්කාගේ පාර්ශවයෙන් සුපිරි බොලිවුඩ් නළුවන් වූ අමිර් ඛාන් හා ෂාරුක් ඛාන්, ඇඳුම් නිර්මාණ ශිල්පි මනීෂ් මල්හෝත්‍රාද ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදිද මෙම විවාහයට ආරාධිතයන් ලෙස එක්වීමට නියමිතව ඇති බව සදහන්ය.

කෙසේ වෙතත්, මෙම විවාහය දෙසැම්බර් 12 වැනිදා සිට 18 දක්වා මිලානෝහි පැවැත්වීමට සූදානම් කර ඇති අතර, ඒ කාලය තුළ ඉන්දීය ක්‍රිකට් කණඩායමේ සාමාජිකයන්ට මෙන්ම බොලිවුඩ් සිනමා තරුවලටද විශේෂිත රාත්‍රි භෝජන සංග්‍රහයක් ලබා දීමට විරාත් හා අනුෂ්කා කටයුතු කර තිබෙන බව සඳහන් වේ.