FAST NEWS

24×7 Around the Globe

‘ඩොක්ටර් නවරියන්’ දෙසැම්බර් 08 වනදා සිට..

දෙසැම්බර් 08 වනදා සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘ඩොක්ටර් නවරියන්’ සිනමා නිර්මාණයේ මාධ්‍ය දර්ශනය පසුගියදා (28)වෙනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී පැවැත්විය.

රංජන් රාමනායකගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ රන්ජන් රාමනායක, රුවන්ගි රත්නායක, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියානි අමරසේන, සරත් චන්ද්‍රසිරි, ශ්‍රීමාල් වෙඩිසිංහ, විමල් කුමාරද කොස්තා, සරත් කොතලාවල ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙති.

තිර රචනය හා දෙබස් ලාල් ප්‍රියදේව හා ශෝභාන්ගි පූර්ණිමාගෙනි.

කැමරාකරණය ගාමිණී මොරගොල්ලාගම, ජනිත් ගුණසේකර, ඉන්දික අත්තනායක සිදුකරයි.

මෙහි සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුභසිංහ විසින් සිදුකර තිබෙයි.