FAST NEWS

24×7 Around the Globe

කාර්ති දෙවැනි වරටත් Theeran Adhigaaram Ondru චිත්‍රපටයෙන්..

සුපිරි කොලිවුඩ් සිනමා නළු සූර්යාගේ බාල සොහොයුරා වන කාර්ති රංගනයෙන් දායක වන අලුත්ම දමිළ චිත්‍රපටයක් පසුගිය නොවැම්බර් 17 වැනිදා තිරගත විය.

තිරගත වූ දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 4ක ආදායමක් ලබන්නට මෙම කාර්තිගේ අලුත්ම චිත්‍රපටය වූ Theeran Adhigaaram Ondru චිත්‍රපටය සමත්ව ඇත.

කාර්ති සමගින් ජනප්‍රිය කොලිවුඩ් සිනමා නිළි රුකුල් ප්‍රිත් සිං මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබයි.

කාර්ති මේ වසරේ රංගනයෙන් දායක වන දෙවැනි චිත්‍රපටය මෙය වන අතර, රුකුල් රංගනයෙන් දායක වූ පස්වැනි චිත්‍රපටය වේ.