FAST NEWS

24×7 Around the Globe

රාජ්කුමාර් රාඕ ජාත්‍යන්තර සිනමා සම්මානයකින් පිදුම් ලබයි..

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රාජ්කුමාර් රාඕ පසුගිය නොවැම්බර් 23 වැනිදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයේ පැවති 11 වැනි ‘ආසියානු පැසිෆික් ස්ක්‍රින් එවෝර්ඩ්’ සම්මාන උළලේ දක්ෂතම නළුවා බවට පත් වෙමින් පසුගියදා ජාත්‍යන්තර සිනමා සම්මානයකින් පිදුම් ලැබීය.

රාජ්කුමාර් මෙම සම්මානය දිනාගනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා තිරගත වූ ‘නිව්ට්‍රෝන්’ බොලිවුඩ් චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය.

රාජ්කුමාර් සමගින් මෙම සම්මානය සඳහා ඉරානයේ නවිඩ්, පිළිපිනයේ පාවූලෝ, ජපානයේ කෝජී හා ජෙරුසෙලමේ මොහොමඩ් බක්රි යන නළුවෝ නිර්දේශ වී සිටියහ.