මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳව හසළ දැනුමක් ඇති ධවල ශ්‍රී මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න මහතාට ආසියානු මාධ්‍ය තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සම්මානයක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව ඔහුට ආසියානු සන්නිවේදන සම්මානය හිමිවීමට නියමිතය.
2016 වර්ෂය වෙනුවෙන් මෙම සම්මානය පිදෙන අතර අනිද්දා ( 27) පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ වන එම මධ්‍යස්ථානයේ 25 වැනි වාර්ෂික සමුළුවේදී ඔහුට මෙම සම්මානය පිරිනැමීමට කටයුතු යොදා තිබේ.









