FAST NEWS

24×7 Around the Globe

මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්නට ආසියානු සන්නිවේදන සම්මානය හිමිවීමට නියමිතයි..

මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව හසළ දැනුමක් ඇති ධවල ශ්‍රී මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න මහතාට ආසියානු මාධ්‍ය තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සම්මානයක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ඔහුට ආසියානු සන්නිවේදන සම්මානය හිමිවීමට නියමිතය.

2016 වර්ෂය වෙනුවෙන් මෙම සම්මානය පිදෙන අතර අනිද්දා ( 27) පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ වන එම මධ්‍යස්ථානයේ 25 වැනි වාර්ෂික සමුළුවේදී ඔහුට මෙම සම්මානය පිරිනැමීමට කටයුතු යොදා තිබේ.