FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයට එරෙහිව ඉන්දියාවට කඩුලු 06ක ජයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ (16දා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 06ක පහසු ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමග තරග පහකින් යුත් එක්දින තරගාවලිය, තරග 1-0ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තේය.

නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 191ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය පිතිකරුවෝ කඩුලු 04ක් පමණක් වැයකරමින් තරගයේ 33.1 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට සමත්වූහ.

 

download (1) download