සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ (16දා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 06ක පහසු ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.
මෙම ජයග්‍රහණයත් සමග තරග පහකින් යුත් එක්දින තරගාවලිය, තරග 1-0ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තේය.
නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 191ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය පිතිකරුවෝ කඩුලු 04ක් පමණක් වැයකරමින් තරගයේ 33.1 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට සමත්වූහ.










