එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 199කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ, ලීඞ්ස් හී හෙඩින්ලේ ක්‍රීඩාංගණයේදියි.
නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 350ක් ද දෙවැනි ඉනිමේ දී කඩුළු 08ක් දැවි ලකුණු 454ක් ද රැස්කර ගත්තා. එංගලන්ත පළමු ඉනිම ලකුණු 350යි. ඒ අනුව තරගය ජය ගැනීම සඳහා දෙවැනි ඉනිමේ දී එංගලන්තයට ලැබුණු ඉලක්කය ලකුණු
455ක්. කෙසේවතත් සියලූ දෙනා දැවී ඔවුන් රැස්කර ගත්තේ ලකුණු 255ක් පමණයි.







