එංගලන්තය පරදා නවසීලන්තයට ටෙස්ට් ක්‍රිකට් ජයක්.

එංගලන්තය පරදා නවසීලන්තයට ටෙස්ට් ක්‍රිකට් ජයක්.

එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 199කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ, ලීඞ්ස් හී  හෙඩින්ලේ ක්‍රීඩාංගණයේදියි.

නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 350ක් ද දෙවැනි ඉනිමේ දී කඩුළු 08ක් දැවි ලකුණු 454ක් ද රැස්කර ගත්තා. එංගලන්ත පළමු ඉනිම ලකුණු 350යි. ඒ අනුව තරගය ජය ගැනීම සඳහා දෙවැනි ඉනිමේ දී එංගලන්තයට ලැබුණු ඉලක්කය ලකුණු
455ක්. කෙසේවතත් සියලූ දෙනා දැවී ඔවුන් රැස්කර ගත්තේ ලකුණු 255ක් පමණයි.