FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අරමුදලට අක්ෂේ කුමාර්ගෙන් ඉන්දීය රුපියල් කෝටි 25 ක්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දියාවේ කොරෝනා වෛරසය මර්ධනය සඳහා ස්ථාපිත අරමුදලට සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් විසින් ඉන්දීය රුපියල් කෝටි 25 ක පරිත්‍යාගයක් සිදුකර තිබේ. 

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ව්‍යාපාරික, ක්‍රීඩා හා රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ එරට ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම එම අරමුදල සදහා මූල්‍ය පරිත්‍යාගයන් සිදුකර ඇති බවයි.

ඒ අනුව අක්ෂේ කුමාර් විසින් පරිත්‍යාග කල එම මුදල මේ දක්වා සිදුකළ ඉහලම පරිත්‍යාගමුදල ලෙසයි සැලකෙන බව එරට මාධ්‍ය වැඩිදුරටත් පවසයි.