FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මර්දනයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කෝටි 51ක්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 51 ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඒ සඳහා පිහිටුවා ඇති අරමුදලට මෙම මුදල් බැර කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම ඉන්දීය ක්‍රීඩකයින් වන සචින් තෙන්ඩුල්කාර් සහ සුරේෂ් රයිනා ද කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට මුදල් පරිත්‍යාග කර ඇති  එරට වැඩිදුරටත් සඳහන් කරයි.