FAST NEWS

24×7 Around the Globe

සල්මාන් – ආයුෂ් එකම චිත්‍රපටයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බොලිවුඩ් සිනමාවේ සල්මාන් ඛාන් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය සමග කාර්යබහුල වී සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

ඒ ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ ප්‍රභුදේවාගේ ‘රාදේ’චිත්‍රපටය සමගිනි.

‘භාරත්’චිත්‍රපටයේ ඔහු සමග රඟපෑ ඩිෂා පටානි, ජැකි ෂෙරොෆ් මෙම චිත්‍රපටයේද සිටින අතර, සල්මාන්ගේ මිතුරෙකු වන රන්දිප් හුඩාද මෙහි රංගනයෙන් දායක.්වය ලබාදෙයි.

මෙම චිත්‍රපටයෙන් පසුව සල්මාන් සිය මස්සිනා වූ ආයුෂ් ෂර්මා සමගින් චිත්‍රපටයක රඟපෑමට නියමිතය.