FAST NEWS

24×7 Around the Globe

පාසල් ක්‍රීඩකයෙකු එක් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 409ක් ලබාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන ඊයේ (11) සමත් විය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ඔහු මෙම දස්කම දැක්වූ අතර ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ද වේ.

පන්දු 326ක දී හයේ පහර 19ක් සහ හතරේ පහර 39ක් සමඟින් ඔහු මෙම ලකුණු 409 ලබාගෙන තිබේ.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අවිශ්ක තරිඳු වන අතර ඔහු රැස් කර ලකුණු සංඛ්‍යාව ලකුණු 350 කි.