FAST NEWS

24×7 Around the Globe

එක් කෝටි තිස්හය ලක්ෂයක මත් පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේ

(ෆාස්ට් නිව්ස් |කොළඹ) – මත් පෙති තොඟයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී සොයාගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් එක් කෝටි තිස්හය ලක්ෂයකට අධිකය.

බෙල්ජියමේ සිට මෙරටට එවා තිබූ සැකකටයුතු පාර්සලයක් පරික්ෂා කිරිමේදී මෙම මත් පෙති තොඟය සොයා ගෙන ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ මරදාන ප්‍රදේශයේ ලිපිනයකට අදාල පාර්සලය එවා තිබුණ ද එය බාර ගැනිමට කිසිවෙකු නොපැමිණි බවයි.

මේ හේතුවෙන් එම පාර්සය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව රේගු නිලධාරින් විසින් පාර්සලය විවෘත කර තිබේ.

එම පාර්සලය තුළ තිබී කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 485ක් බරින් යුත් මෙතැන්පටමයින් නමැති මත්පෙති 3,885ක් සොයා ගෙන් ඇත.

පාර්සලයේ සඳහන් ලිපියන ව්‍යාජ එකක් බවටද මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.