FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වන්ට ලකුණු 25 ක ජයක්

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (04) පැවති පළමු විස්සයි 20 තරගයේ ලකුණු 25කික් ජය ගැනීමට ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 196ක් ලබා ගත්තේය.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා පිල පන්දු වාර 19යි පන්දුවකදී සියල්ලන් දැවී හිමි කර ගත්තේ ලකුණු 171ක් පමණයි.

ඒ අනුව ලකුණු 25ක ජයක් බටහිර කොදෙව් පිලට හිමිවූ අතර තරගයේ වීරයා ඔෂේන් තෝමස්ට හිමිවිය.