FAST NEWS

24×7 Around the Globe

‘Baaghi 3’ මේ මස මහජන ප්‍රදර්ශනයට [VIDEO]

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ‘බාගී’ චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය චිත්‍රපටය මාර්තු 06 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

එරට මාධ්‍ය සඳහන් කළේ අහමබ් ඛාන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ‘පොක්ස් ස්ටාර්’ සමාගම විසින් සිදුකොට ඇති බවයි.

සුපුරුදු පරිදි මෙහි ප්‍රධාන චරිතය ටයිගර් ෂෙරොෆ් නිරූපණය කර අතර ප්‍රධාන නිළිය ලෙස ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වෙයි.

ඔහුට අමතරව රිතේක් දේශ්මුක්, අන්කිතා ලොකන්ඩ්වාලා මෙහි සෙසු චරිත සඳහා දායකව සිටියි.

මෙම චිත්‍රපටය තුර්කිය, සර්බියා, මොරොක්කෝ, ඊජිප්තු යන රටවල කිහිපයකම රූපගතකිරීම විශේෂත්වයක්.