FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

(ෆාස්ට් නිව්ස් | ඔස්ට්‍රේලියාව ) – කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ තායිලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් ඊයේ (26) පැවති තරඟය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 176ක් රැස් කරගැනීමට සමත්වූ අතර තායිලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 78 ක් පමණයි.