FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (26) පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතයි.

ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී.

එම ක්‍රීඩාංගනයේදී එක්දින තරගයක් වසර දෙකහමාරකට පමණ පසුව පැවැත්වීම වීම විශේෂත්වයක්.

දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.