FAST NEWS

24×7 Around the Globe

විස්සයි 20 කාන්තා තරගාවලියේ ඉන්දියාව ඉදිරියෙන්

(ෆාස්ට් නිව්ස් | ඔස්ට්‍රේලියාව) – පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වූ තරග දෙකම ජය ගනිමින් ඒ කාණ්ඩයෙන් පෙරමුණ ගැනිමට සමත්වී තිබේ.

එමෙන්ම  ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ඒ කාණ්ඩය යටතේ තරග වදින සෙසු කණ්ඩායම් වෙයි.

පළමු වටයේදී සෑම කණ්ඩායමක්ම තරඟ 04 කට සහභාගී විමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරග දෙකම පරාජයට පත්විම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ සිව් වන ස්ථානයයි.