FAST NEWS

24×7 Around the Globe

රූගතකිරීමක් අතරතුර අධ්‍යක්‍ෂකවරුන් තිදෙනෙක් ජිවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ඊවීපී චිත්‍රාගාරයේ රූගත කරමින් සිටි චිත්‍රපටයකදී සිදුවූ අනතුරෙන් එහි සහය අධ්‍යක්‍ෂකවරුන් තිදෙනෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම චිත්‍රපටය රූගතකිරීම සඳහා යොදාගත් දොඹකරය කඩාවැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ රංගනයෙන් දායකත්වය ලබාදෙන ඉන්දීය නළු කමල හසන්  සහ ඉන්දීය නිළි කාජල් අගර්වාල් අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට බවයි.

ලයිකා ප්‍රඩක්ෂන්ස් විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා මෙම පුවත සනාථ කරමින් ඔවුන්ගේ ශෝකය ප්‍රකාශ කර තිබුණි.

ඔවුන්ගේ ට්විටර් සටහනට අනුව එහි සිටි සහකාර අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ,  කලා සහකාර චන්ද්‍රන් සහ නිෂ්පාදන සහකාරමධු යන අධ්‍යක්‍ෂකවරුන් එම අනතුරින් මිය ගොස් තිබේ.

මේ පිලිබඳ අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි රංගන ශිල්පින් ඇතුළු කිහිපදෙනෙකු සිය ට්විට්ට්ර් ගිණුමේ තම අදහස් මෙලෙස ප්‍රකාශ කර තිබේ.