FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් තරග විකාශන අයිතිය චැනල් අයි නාලිකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග විකාශය චැනල් අයි නාලිකාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා සිදුකිරීමට නියමිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. 

තරග 3 කින් සමන්විත කොදෙව් – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන සෙනසුරාදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වීමට නියමිතයි.