FAST NEWS

24×7 Around the Globe

වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සම්මානය ක්‍රීඩකයන් දෙදෙනෙකුට

(ෆාස්ට් නිව්ස් | ජර්මනිය) – ජර්මනියේ බර්ලින්හීදි පැවති සම්මාන රාත්‍රීයේදී වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට ලුවිස් හැමිල්ටන් සහ ලියනොල් මෙසි සමත් විය. 

මෙම සම්මානය ක්‍රීඩකයන් දෙදෙනෙකු විසින් හිමිකර ගැනීම විශේෂත්වයකි.

මර්සිඩිස් කණ්ඩායම නියෝජනය කරන මහා බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් සහ සුපිරි පාපන්දු ක්‍රීඩක ආජන්ටිනාවේ ලියනොල් මෙසි විසින් මෙම සම්මානය දිනාගත්තේය.

හැමිල්ටන් ලෝක ශූරතා ෆෝමියුලා වන් ශූරතාව මෙවර 6 වන වරටත් දිනා ගත් අතර ඒ දක්ෂතාව වෙනුවෙන් ඔහු සම්මානයට පාත්‍ර වූ අතර බැලෝන් ඩීඕර් සම්මානයෙන් අවස්ථා 6 කදී පිදුම් ලැබූ සුපිරි පාපන්දු ක්‍රීඩකට ලියනොල් මෙසි ඒ දක්ෂාතව නිසා මෙම සම්මානය ලබා ගත්තේය.

විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි කරගත්තේ අමෙරිකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන සිමෝන් බායිල්ස් විසින්.