FAST NEWS

24×7 Around the Globe

ජයලලිතාගේ ජීවිත කතාව අලලා කළ ‘තලවී’ 26 වැනිදා ප්‍රදර්ශනයට

(ෆාස්ට් නිව්ස් | දකුණු ඉන්දියාව) –  දකුණු ඉන්දියාවේ හිටපු මහා ඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය කළ ‘තලවී’ චිත්‍රපටය ලබන ජුනි 26 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

මෙහි ප්‍රධාන චරිතය බොලිවුඩ් සිනමා නිළි කංගනා රනවත් විසින් නිරූපණය කරන අතර‘ජයලලිතා’ගේ සැමිය වන MGRගේ චරිත දකුණු ඉන්දීය සිනමා නළු අර්වින්ද් ස්වාමි නිරූපණය කරනු ලබයි.

ජනප්‍රිය නළු විජේ දෙවර්කොන්ඩා හා ප්‍රියාමනි සෙසු චරිත සඳහා දායකත්වය ලබාදී තිබේ.

මෙම චිත්‍රපටය දමිල භාෂාවෙන් පමණක් නොව හින්දි ඇතුළු තවත් භාෂා කිහිපයකින්ද ප්‍රදර්ශනය කිරීමට නියමිත බව කොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.