FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩාවේ වංචා දූෂණ පැමිණිලි කිරීමට පොලිස් විමර්ශණ ඒකකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ක්‍රීඩා ආමත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් මෙරට ක්‍රීඩාවේ සිදු වන වැරදි වැළැක්වීමේ පනත යටතේ, යම්කිසි වරදක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් ඊයේ (11) සුගතදාස ජාතික ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී විවෘත කෙරුණි.

එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර , ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල සහ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ පුද්ගලික ලේකම් ලලිත් පියුම් පෙරේරා, සහ පොලිස් විමර්ශණ ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ අධිකාරී ජගත් ෆොන්සේකා යන අය එක්ව සිටියෝය.