FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකාගේ නම හොඳම නිළියට හිමි සම්මානයට යෝජනා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රාගේ නම ලබන ඉරිදා (16) පැවැත්වීමට නියමිත ‘ෆිල්ම් ෆෙයාර්’ සිනමා සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය සඳහා යෝජනා වී තිබේ.

එරට මාධ්‍ය වාර්තා පැවසුවේ ඇය අවසන් වරට 2015 වසරේ ‘මේරි කොම්’ චිත්‍රපටය සඳහා හොඳම නිළිය ලෙස නිර්දේශයට පත්වූ බවයි.

ඇය මෙවර හොඳම නිළිය ලෙස නිර්දේශ වී ඇත්තේ ‘ද ස්කයි ඉස් පින්ක්’ චිත්‍රපටයේ ‘අදිති චෞද්‍රිරි’ චරිතය හරහා වන අතර මෙම සම්මානයට ආලියා භාට්, කරීනා කපූර්, විද්‍යා බාලන්, කංගනා රනවුත් නිර්දේශ වී සිටින අනෙකුත් නිළියන් වන බව සඳහන්.