FAST NEWS

24×7 Around the Globe

විස්සයි 20 තරගාවලියේ ජය නවසීලන්ත කාන්තා කණ්ඩායමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති විස්සයි 20 තරගාවලිය ජය ගැනීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (10) සමත් විය.

ඒ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 69 ජයක් හිමි කරගනිමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 171ක් ලබා ගත් අතර අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පන්දුවාර 17ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 102 පමණයි.

ඒ අනුව තරඟ 05 කින් සමන්විත තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ 04න් 03ක් ජයගත් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟාවලියේ ජය අත් කර ගත්තේය.