FAST NEWS

24×7 Around the Globe

ඉතිහාසයේ ප්‍රථම වතාවට බංග්ලාදේශය ලෝක ක්‍රිකට් කිරුළක් හිමිකර ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු වරට වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව පරදවා බංග්ලාදේශය ශූරතාවය දිනාගැනීමට සමත් විය.

මෙම තරගය දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රුම්හි පැවැත් විය.

ඉන්දියාව කඩුලු 3 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතාගේ පුහුණුකාරිත්වය යටතේ බංග්ලාදේශය මේ ශූරතාව හිමිකර ගත්හ.

බංග්ලාදේශය මින් පෙර ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමේ කිසිදු ආකාරයක ලෝක ශූරතාවක් දිනා නොමැති අතර යොවුන් ලෝක කුසලාන තරගාවලියේදීත් (2016) අත්කරගෙන තිබූ ඉහළම ස්ථානය තෙවැනි ස්ථානයයි

සිවුවරක් ශූරයන් වෙමින් යොවුන් ලෝක කුසලාන තරග ඉතිහාසයේ 7 වැනි වරට අවසන් තරගයට පිවිසි ඉන්දියාව අනුශූරයන් වූ තෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර පාකිස්තානය (2006) සහ බටහිර ඉන්දීය කොදෙව් (2016) කණ්ඩායම් හමුවේ අනුශූරයන් වී තිබේ.