FAST NEWS

24×7 Around the Globe

ජොෆ්රා ආචර්ට එංගලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උරහිසේ ඇති වු ආබාධයක් හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර තිබේ.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන මාර්තු මාසයේදි ආරම්භ කිරීමට නියමිතයි.

24 හැවිරිදි ආචර් ක්‍රීඩකගේ උරහිසේ ඇතිවී ඇති ආබාධය නිසා තරගාවලිය අහිමි වන බවත් ඔහුට ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියද අහිමි වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මාර්තු මාසයේදී ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.